දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.
ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

