අමෙරිකානු ගුවන් යානයක් එරට හමුදාවට අයත් හෙලිකොප්ටරයක ගැටී බිහිසුණු අනතුරක්

අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් මිය ගිය 19 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය 64 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර එය ගුවන්තොටුපළට, ගොඩබෑමට උත්සහ කළ අවස්ථාවේදී අමෙරිකානු හමුදා සෙබලුන් 3 දෙනෙකු රැගත් හෙලිකොප්ටර් යානයේ ගැටී තිබෙනවා.

එම අවස්ථාව වන විට අදාළ හෙළිකොප්ටර් යානය ගුවන්ගත වෙමින් තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මේ වනවිට කඩා වැටුණු යානයේ සිටි පිරිස් බේරා ගැනීම සදහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර රේගන් ජාතික ගුවන්තොටුපළේ සියලු‍ම ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් නවතා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »