අමෙරිකා, යුක්රේන සහ රුසියානු නියෝජිතයන් පිරිසක් අතර හමුවක් අද (24) පැවැත්වීමට නියමිතයි.
ඒ, සෞදි අරාබියේ රියාද් නුවර දීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්රේන – රුසියා යුද්ධයට ක්ෂණික අර්ධ සටන් විරාමයක් සහ පසුව පුළුල් සාම ගිවිසුමක් ඇති කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා පවත්වන බවයි.
එහිදී රටවල් දෙකෙහිම නියෝජිතයන් වෙන් වෙන්ව හමුවී මෙම සාකච්ඡා පැවැත්වෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළා.