NEWS

ඇල්ජීරියාවේ බස් අනතුරකින් 25දෙනෙකු මරුට

ඇල්ජීරියාවේ සිදුවූ මගී අනතුරකින් පුද්ගලයින් 25දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් 44දෙනෙකු තුවාල ලබා ඇති බවය.

එරට ඇල්ජියර්ස් අගනුවරට නැගෙනහිරින් පිහිටි වෙරළබඩ නගරයක් වන බෝමර්ඩෙස් අසල මෙම අනතුර සිදුව ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ද ඇල්ජියර්ස් අසල බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 18දෙනෙකු මියගිය අතර එම වසරේ දෙසැම්බර් මාසයේදී, බෙචාර් හි දකුණු ප්‍රදේශයේදී බස් රථය පෙරළීමෙන් පුද්ගලයින් 14දෙනෙකු මිය ගොස් තිබේ.

ඇල්ජීරියාවේ මාර්ග ආරක්ෂක බලධාරීන් පවසන්නේ පසුගිය වසරේ රථවාහන අනතුරුවලින් පුද්ගලයින් 3,838දෙනෙකු මිය ගොස් 37,000කට වැඩි පිරිසක් තුවාල ලැබූ ඇති බවය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »