කෝලි, චණ්ඩි කෝලි වෙයි

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර හෙට මෙල්බර්න්හිදී ආරම්භ වීමට නියමිත හතරවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගිවීම සදහා එරටට පැමිණ සිටින ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි සහ ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියෙක් අතර මතභේදාත්මක තත්ත්වය හටගෙන තිබෙනවා.

සිය අනුදැනුමකින් තොරව තමන් සහ සිය බිරිඳ වන සුපිරි ඉන්දීය නිළි අනුෂ්කා ශර්මා මෙන්ම දරුවන් ඡායාරූප ගත කළ බවට පවසමිනුයි මෙම මතභේදාත්මක තත්ත්වය හටගෙන ඇත්තේ.

එහිදී විරාට් කෝලි ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියට සහ කැමරා ශිල්පියාට බැණ වැදී ඇති බවද සදහන්.

මෙම සිදුවීමෙන් අනතුරුව විරාට් කෝලිට ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් චන්ඩි කෝලි ලෙස නම් පටබැඳ ඇති බවද ක්‍රීඩා වාර්තා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »