මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ ‘කුමරු’ පදවිය අහිමි කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු අණකර ඇත්තේ මින් ඉදිරියට ඇන්ඩෘෘ කුමරුව ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසින් හඳුන්වන බවය.
ඒ අනුව ‘කුමාරයා’ පදවිය අහිමි වූ ඇන්ඩෘෘ කුමරුට ඔහු 2004 වසරේ සිට ජීවත් වූ වින්ඩ්සර් මාලිගය හැර යාමට සිදුවේ.
ළමා අපචාර චෝදනා ලැබූවෙකු වන මේ වනවිට ජීවතුන් අතර නොමැති අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටෙයින් සමග සබඳතා පැවැත් වූ බවට ඇන්ඩෘෘ කුමරුට වසර ගණනාවක සිට චෝදනා එල්ල විය.

