ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරයවන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වන බව මෙහිදී නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මෙහිදී පවසා තිබෙනවා.
විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා සහාය ලබා දීමට තම සංවිධානය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එසේම මෙරට ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.