NEWS

ජොන්ස්ටන්ගේ BMW රථයේ නඩුව සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බව කියන එකලස් කළ බවට චෝදනා ගොනු කර ඇති ප්‍රශ්නගත BMW වර්ගයේ මෝටර් රථය නඩත්තු කටයුතු සඳහා රැගෙන යාමේදී භාවිතා කළ අංක තහඩුවට අයත් වාහනයේ මුල් ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (20) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් ගොනු කරමින් ප්‍රශ්නගත වාහනය නඩත්තුව සඳහා ගෙන යාමේදී භාවිතා කර ඇත්තේ, වෙනත් අංක තහඩුවක් බව කියමින් ඉදිරි විමර්ශන සදහා එහි මුල් ගොනුව ලබා දෙන ලෙස කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

ලියාපදිංචි නොකරන ලද ප්‍රශ්න ගත වාහනය නඩත්තු සදහා ගෙන ගිය වාහනයේ අංකය නඩත්තු කළ සේවා ආයතනයෙන් ලබාගත් බවත්, එම ආයතනයේ සේවය ලබා දුන් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

එම වාහනය ගාල් කර තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ සීසීටීවී දර්ශන සුරක්ෂිත කර තබන ලෙසත්, මහේස්ත්‍රාත්වරිය එහි කළමණාකාරිත්වයට පසුගියදා (11) නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »