NEWS

ටිබෙටයේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළට

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ හටගත් රික්ටර් මාපංකයේ ඒකක හතයි දශම එකක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූ සංඛ්‍යාව ද 188ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි 3,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව සදහන්.

අතුරුදන් වූ පිරිස බේරා ගැනීම සදහා මෙහෙයුම් කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »