NEWS

තායිලන්තයෙන් ආ තෑගි පාර්සලයේ කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය

තායිලන්තයේ සිට මෙරටට එවා තිබූ ගුවන් භාණ්ඩ තොගයක රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සමත්ව තිබේ.

බැංකොක් නුවර සිට ඉකුත් ජූලි 24වැනිදා මෙරටට පැමිණි ගුවන් යානයක තෑගි තොගයක් ලෙස එවූ පාර්සලයක මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී සොයාගෙන ඇත. 

අදාළ තෑගි තොගය පරීක්ෂාකර මුදාහරින තෙක් ගබඩකර තිබී ඇත අතර, එම පරීක්ෂාවන් ඊයේ (31) සිදුකර තිබේ.

එහිදී ලෝහ බහාලුම් තුළ සඟවා තිබූ පොලිතීන් පැකට්වල තිබී මරිජුවානා, හෂිෂ් ඇතුළු ​​මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.608ක් සොයාගැනීමට රේගු නිලධාරීන්ට හැකිව ඇත.

එම තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 10කට (106,080,000) අධික බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »