NEWS

නුවරඑළියත් වර්ෂාවෙන් යටවෙයි

අරලගංවිලදී පාලමක් කැඩීයාම නිසා, පොළොන්නරුව – අම්පාර මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇති බව අප වාර්තාකරු පවසනවා.

එමෙන්ම, වර්ෂාවත් සමඟ දඹුල්ල – දඹුලු‍ ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.

ජලාශය භාර ඉංජිනේරුවරයා සදහන් කළේ ඉන් තත්පරයට ඝණ අඩි පන්දහස බැගින් දඹුලු‍ ඔයට ජලය මුදා හැර එම ඔය හරහා කලා වැවට සහ බළලු‍ වැවට ජලය එක්වන බවයි.

එමෙන්ම පවතින අධික වැසි හේතුවෙන් මහවැලි ගග සහ හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

වර්ෂාවත් සමග අම්පාර, මොණරාගල, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක වල මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම පස්කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දුම්රිය ස්ථානයට පමණක් සීමා කෙරුණා.

මේ අතර පවතින අධික වැසි සමඟ නුවරඑලිය කඳපොල ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය නගරයේ තුරඟ තරග පිටිය, වික්ටොරියා උද්‍යානය ඇතුලු ඇතැම් කොටස් ද ජලයෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »