පසුගියදා පැවති මහ මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාල සීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ, ඉදිරිපත් වූ අපේක්ෂකයින් 8000කට අධික පිරිසෙන් මේ දක්වා වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 2500කටත් අඩු පිරිසක් බවයි.
2024 මහ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයින් 8888 දෙනෙකු ඉදිරිපත් වුණා.
තවද, නියමිත කාල සීමාවට පෙර අදායම් වියදම් වාර්තා භාර නොදෙන්නේ නම් මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනතට අනුව නීත්‍යානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමිසම සදහන් කළා.

