NEWS

මාර්ග අංක 187 සුඛෝපභෝගී බස් රථවලට ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයට පැමිණීමට අවසර

ගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් මාර්ග අංක 187 (කොටුව – කටුනායක) සුඛෝපභෝගී බස් රථවලට අද සිට ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට අවසර ලබා දී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කරනවා.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් ද අද සිට ආරම්භ කළා.

ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ පහසුව සදහා දිනකට ගමන්වාර 10ක් මේ හරහා ක්‍රියාත්මක බවයි ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සදහන් කළේ.

කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා යාමට අයකරන ගාස්තුව රුපියල් 450ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »