NEWS

මුරකරු ඝාතනය කර නුවරඑළිය ලංගම ඩිපෝවේ මුදල් කොල්ලකයි

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කල මුරකරුවෙකු තියුණු අයුධයකින් පහර දී ඝාතනය කර ඩිපෝව තුළ තිබූ රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බවයි නුවරඑළිය පොලිසිය සදහන් කළේ.

ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කල 85 හැවිරිදි අයෙකුයි මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ.

ඔහු නුවරඑළිය ගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »