NEWS

රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා ඉහළට

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව, අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඇතැම් ගුරු ශ්‍රේණියන්හි රුපියල් 38,000 පවතින වැටුප රුපියල් 61,000 දක්වා වැඩිවෙනු ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ වැටුප රුපියල් 80,000-90,000කින් පමණ ඉහළ යන බව ද ඔහු පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »