NEWS

වසරකදී මෙරට හදිසි අනතුරුවලින් මරණ 11,000ක්

හදිසි අනතුරුවලින් වසරකට පුද්ගලයින් 11,000 කට වැඩි පිරිසක් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි හදිසි අනතුරු නිවාරණ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සදහන් කළේ, දිනකට හදිසි අනතුරු හේතුවෙන් තිස් දෙනෙකු මිය යන බවයි.

එමෙන්ම, වසරකට මිලියනයකට වැඩි පිරිසක් හදිසි අනතුරුවලට ලක්ව රෝහල් ගත වන බව ද වෛද්‍යවරයා සදහන් කළා. විශේෂයෙන්ම උත්සව සමයේදී රිය අනතුරු මෙන්ම දියේ ගිලීම් වැනි අනතුරු ඉහළ වශයෙන් වාර්තා වන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, හැටන් මල්ලියප්පු ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වූ පෞද්ගලික බස් රථය ඊයේ රාත්‍රියේ ගොඩ ගැනීමට කටයුතු කළා.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊයේ පෙරවරු 10.30ට පමණ හැටන් මල්ලියප්පු ප්‍රදේශයේදී අනතුරට ලක්වුණු අතර, අනතුරින් මගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 53 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

අනතුරින් මිය ගිය පිරිසගේ මෘතදේහයන් අද ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන එමටද නියමිතයි.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ බස් රථයේ රියදුරා අතින් මීට මාස කිහිපයකට ප්‍රථම ගිනිගත්හේන ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් ද එක් අයෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, නාවලපිටිය ප්‍රදේශයේදි ද තවත් විශාල රිය අනතුරක් සිදු වි ඇති බව යි.

මේ අතර, ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »