NEWS

වැලිගම සභාපතිවරයා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15කට?

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බව හෙළි වී ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවටගත් අවස්ථාවේ හෙළිකර ඇත්තේ මෙම ඝාතනය ‘ඩුබායි ලොක්කා’ගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ බවය.

සිද්ධියේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 6 දෙනාගෙන් මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටී.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය බදාදා වෙඩිතබා ඝාතනය කෙරුණේ ප්‍රාදේශීය සභාවේ මහජන දිනයේ සිය කාර්යාලයේ රැඳී සිටියදීය.

යතුරුපැදියකින් පලාගිය සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ඇරඹූ අතර ඒ සඳහා CCTV දර්ශනද උපයෝගී කරගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »