NEWS

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ සහෝදරිය සිය හිටපු පෙම්වතා ඝාතනය කරයි

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පිනියක්වන නාර්ගීස් ෆක්රිගේ (Nargis Fakhri) සහෝදරියවන ආලියා ෆක්රි (Aliya Fakhri) විසින් ඇයගේ හිටපු පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

43 හැවිරිදි වියේ පසුවන ආලියා, 35 හැවිරිදි එඩ්වඩ් ජේකබ්ස් සහ 33 හැවිරිදි ඇනස්ටේෂියා එටියන් යන අයවයි මෙසේ ඝාතනය කර ඇත්තේ.

ජේකබ්ස් සහ එටියන් නවාතැන්ගෙන සිටි දෙමහල් ගරාජයට පැමිණි ආලියා “ඔබ සියල්ලන්ම මිය යනවා” යැයි හඬනගා පවසා එම ස්ථානයට ගිනි තබා ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

සිද්ධියවන විට ජේකබ්ස් නිදාගෙන සිට ඇති අතර, ඇයගේ හඬට එටියන් පැමිණි නමුත් ජේකබ්ස් බේරා ගැනීමට ආපසු ගොස් තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට ගිනිගත් ගොඩනැගිල්ලෙන් ආරක්ෂිතව පිටතට යාමට නොහැකි වී ඇති බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ශ්වසන අපහසුතා සහ පිළිස්සුම් තුවාල නිසා ඔවුන් මියගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එසේම ඇයට ගිනි තැබීම සම්බන්ධයෙන් ජූරි සභාවකින් ද චෝදනා එල්ල වී තිබෙන බව සඳහන්.

තවද, එම චෝදනාවට ඇය වරදකරු වුවහොත් ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »