නැගෙනහිර උගන්ඩාවේ අධ්‍යයන චාරිකාවක නිරත වූ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට පත්වීමෙන් සිසුන් 20දෙනෙකු සහ එක් වැඩිහිටියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙය මෑත වසරවලදී එරට ළමුන් මුහුණ දුන් දරුණුතම සහ මාරාන්තික මාර්ග අනතුරක් ලෙස සැලකේ.
කප්චෝර්වා දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම අනතුරෙන් පාසල් කාර්ය මණ්ඩලය ඇතුළු තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.
මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් තිබී ඇති බවත් චෙක්වාටිට් කන්ද ආශ්‍රිත මාර්ග කොටසේදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් ය.
මෙම අනතුර හේතුවෙන්, විමර්ශන කටයුතු අවසන් වන තෙක් සියලුම පාසල් අධ්‍යාපන චාරිකා අවලංගු කර ඇති බව ද එරට රජයේ මාධ්‍ය වාර්තා කර ඇත.

