NEWS

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 5 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර තිබේ.

අදාළ තරගාවලිය සඳහා අයදුම්පත් යොමු කිරීම අගෝස්තු 15 වනදායින් අවසන් වන බව එම සම්මේලනය පවසා තිබේ.
 
දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වන තරගාවලියේ දිස්ත්‍රික් තරග ජයගන්නා කණ්ඩායම් 25 බැගින් ජාතික තළයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. 

පසුගිය වසරේ පැවති ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය හිමිකර ගත් අතර කාන්තා ශූරතාව මහඋස්සෑව රතනපාල ක්‍රීඩා සමාජය හිමිකරගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »