ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

2026 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දීය ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

ඒ, අද (17) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන්  විසින් මොවුන් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

 එහිදී එම නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. 

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ, මෙම සිද්ධියට සම්බන්ධ දුරකථන සංවාද පටිගත කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »