NEWS

නීති විරෝධී මුහුදු කූඩැල්ලන් ජාවාරමක් කොටු වෙයි 

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් 60,448කට අධික තොගයක් සමඟ සැකකරුවන් 26 දෙනෙකු, ඩිංගි යාත්‍රා දොළහක් 12 සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ අනුව, ඊයේ (09) උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර සැකකටයුතු ඩිංගි යාත්‍රා කිහිපයක් පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ අදාළ  මුහුදු කූඩැල්ලන් තොගය නාවික හමුදාව විසින් සොයාගෙන නීතියේ භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් 26 දෙනා වයස අවුරුදු 21ත් 64ත් අතර මන්නාරම හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. 

සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රා දොලහ වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »