පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට

පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය හමුවේ පරාජයට පත්වීමෙන් පසු ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝර්ස් අයර්ස් හී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී, කෝපයට පත් ආර්ජන්ටිනා ප්‍රේක්ෂකයින් එරට කැරලි මර්දන පොලිසිය වෙත ගල් සහ බෝතල් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තරගයෙන් අනතුරුව සිය ජාතික කණ්ඩායමට සහය පළ කිරීම සඳහා දහස් සංඛ්‍යාත රසිකයින් බුවනෝස් අයිර්ස් නුවර පිහිටි ‘ඔබෙලිස්ක්’ (Obelisk) ස්මාරකය අසලට රැස්ව සිටි අතර, රාත්‍රී 11.45 ට පමණ පිරිසක් එහි ආරක්ෂිත වැටවල් මතින් ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා ආරම්භ වී තිබෙනවා.

ප්‍රේක්ෂකයින් පාලනය කිරීම සඳහා කැරලි මර්දන පොලිසිය කැඳවීමට සිදු වූ අතර, එහිදී කලහකාරී පිරිස් පොලිස් නිලධාරීන්ට වීදුරු බෝතල් සහ ගල්වලින් පහර දී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් රබර් උණ්ඩ, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »