NEWS

පාකිස්ථානයේ ප්‍රචණ්ඩත්ව ගැටුම් උත්සන්න වෙයි

පාකිස්ථානයේ වයඹ දිග ප්‍රදේශයේ හටගෙන ඇති නිකායික ප්‍රචණ්ඩත්ව ගැටුම් උත්සන්න වී තිබෙනවා.

මේ හේතුවෙන් අන්තර්ජාල සේවා අත්හිටුවා ඇති අතර, පාසල් ද වසා දමා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පසුගිය 22 වනදා අධිකරණ නියෝගයක් මත මුස්ලිම් දේවස්ථානයක නිරීක්ෂණයක් සිදු කිරීමට යාමේදී ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර මෙම ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන තිබුණා.

මේ හේතුවෙන් පුද්ගලයන් 80කට වැඩි පිරිසක් මියගොස් තවත් 156 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »