පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 50ක් රෝහලේ

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් ත්‍රිකුණාමලය පාසලක සිසුන් 50කට අධික පිරිසක් රෝහල්ගත කර තිබේ. 

ත්‍රිකුණාමලය දිවුල්වැව මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසීය.

පාසලේ ගොඩනැගිල්ලක තිබූ බඹර වදයක් ඇවිස්සීම හේතුවෙන් මෙලෙස සිසුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වෙයි. 

අදාළ සිසුන් ප්‍රතිකාර සඳහා මහදිවුල්වැව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවියන් තිදෙනෙකු ත්‍රිකුණාමලය මහා රෝහලට මාරුකර යවා තිබේ.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »