NEWS

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් 35,000ට ආසන්න වෙයි

බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වසරේ මේ වන විට වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064කි.

මේ අතර, අද (10) දින වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,556ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,355ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,699ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,425ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. 

මේ අතර දකුණු පළාතෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,372ක් බව සඳහන් වෙයි.

ඒ අනුව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 3,819ක්ද ,මාතර දිස්ත්‍රික්කයෙන් 4699ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 1,854ක් ඩෙංගු රෝගීන් වාර්තා වෙයි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »