NEWS

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්

නුවරඑළියේදී භෞත චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා ජූලි 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් ඊයේ (16) බන්ධනාගාර නිලධාරීන් විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, නුවරඑළිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය හමුවේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පිරිසට ඝාතනයේ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, සැකකරුට සහාය ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු සහ මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »