හෝමුස් යළි විවෘත කිරීම ගැන ඉඟියක් – බොරතෙල් මිල පහළට

හෝමුස්  සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රකාශයත් සමඟ ගෝලීය බොරතෙල් මිල ගණන් පහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75 දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීම පිළිබඳ අපේක්ෂා ඉහළ යාම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ සැපයුම් අවදානම් පිළිබඳ තිබූ අවිනිශ්චිතාවය අඩු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »