උතුරු කොරියානු අග්‍රාමාත්‍ය Pak Thae-song මහතා චීනයේ නිල සංචාරයකට එක්ව තිබේ.
උතුරු කොරියානු අග්‍රාමාත්‍යවරයා අද (10) පෙරවරුවේ හෙතෙම විශේෂ ගුවන් යානයකින් චීනයේ බෙයිජිං අගනුවර වෙත පැමිණෙමින් සිය චීන නිල සංචාරය ආරම්භ කළේය.
උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, උතුරු කොරියානු ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ රාජ්‍ය කටයුතු කොමිසමේ උප සභාපති, අගමැති Pak Thae-song මහතා සමග එරට ආණ්ඩු පක්ෂයේ හා රජයේ නියෝජිත පිරිසක් මෙම තෙදින චීන සංචාරයට එක්ව සිටිති.
“චීන-උතුරු කොරියා මිත්‍රත්වය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳ ගිවිසුම” අත්සන් කිරීමේ 65 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයට සහභාගි වීම, Pak Thae-song මහතා ප්‍රමුඛ උතුරු කොරියානු නියෝජිත පිරිසගේ මෙම චීන සංචාරයේ ප්‍රධාන අරමුණකි.
උතුරු කොරියානු අගමැතිවරයාගේ මෙම චීන සංචාරය හරහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවද මෙම සංචාරය සම්බන්ධව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය දැනුම් දී ඇත.

