Avishka

ඩෙංගු මරණ 59 දක්වා ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ. එම වාර්තාවේ සඳහන් වන්නේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. ඊයේ (23) දින වන විට මරණ වාර්තා වී තිබුණේ 57ක් වන අතර සමස්ථ රෝගීන් සංඛ්‍යාව වුයේ 79,016 කි….

Read More

මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ. ඒ මන්ත්‍රීවරයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙනි. නඩුවට අදාළව මන්ත්‍රීවරයා මෙලෙස අද පෙනී නොසිටි අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිට නොමැත….

Read More

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) දින විවාදයට ගැනීමට නියමිතය.  අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත පසුගිය 21…

Read More

ඇෆ්ගනිස්තාන ටෙස්ට් සහ එක්දින නායකත්වයේ වෙනසක්

ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරු රහ්මාත් ෂා සර්මාටි පත් කිරීමට එරට ක්‍රිකට් මණ්ඩලය අද (22) පියවර ගෙන තිබේ. 33 හැවිරිදි රහ්මාත් ටෙස්ට් ඉනිම් 23කදී ශතක 3ක් සමගින් ලකුණු 1,043ක් රැස්කර ඇති අතර, ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව 234ක් වේ. එක්දින ඉනිම් 123කදී ඇෆ්ගනිස්තානය නියෝජනය කර ඇති හෙතෙම…

Read More

අමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමක්

අමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික සහෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. සාමකාමී න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක් ලෙස නම් කර ඇති අදාළ ගිවිසුම මඟින් සෞදි න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට විශාල ප්‍රවේශයක් හිමිවනු ඇති බව අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මෙම ගිවිසුම මඟින් සෞදි අරාබියාවට ඉදිරියේදී යුරේනියම්, ඉන්ධන ලෙස මෙන්ම න්‍යෂ්ටික බෝම්බ නිපදවිම සඳහා ද භාවිත කළ…

Read More

පාතාල තර්ජන මැද අද ඇරඹෙන දෙවිනුවර පෙරහැර මංගල්‍යය

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය අද (23) ආරම්භ වීමට නියමිත අතර අගෝස්තු මස 05 දින දක්වා පැවැත්වීමට නියමිතය. දෙවිනුවර නැත්නම් දෙවුන්දර දේවාලය පහතරට ප්‍රදේශයේ පිහිටි ඉතා ප්‍රකට දේවාලයකි. මෙම දේවාලය දාපූළුසෙන් රජතුමා විසින් කරවා ඇති අතර, දෙවියන් ගොඩ බැස්ස තොට යන අදහසින් මෙම ස්‌ථානයට නම ලැබී…

Read More

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 79,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (23) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 79,016ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම වාර්තාවේ සඳහන් වන පරිදි ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 57කි.

Read More

උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය. අදාළ පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණය සිය තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම වසරේ අධ්‍යයන පොදු සහතික…

Read More

කුසල් මෙන්ඩිස්ට LPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

කලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබේ. ඒ අනුව, එම ආබාධය හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගි වීමට නොහැකි වනු ඇත.

Read More

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

ඉරානය සමඟ පවතින යුද ගැටුම හේතුවෙන් මේ වන විට අමෙරිකාවට, ඩොලර් බිලියන 37.5ක එසේත් නොමැති නම් පවුම් බිලියන 28ක පමණ වියදමක් දරා ඇති බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ. සෙනෙට් අයවැය කමිටුව හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම වියදම මැයි මාසයේ ගණන් බැලූ අවසන් ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 8කින් පමණ…

Read More
Translate »