NEWS

admin

කොළඹට නව උපකුලපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා වෙත භාරදී ඇත. මහාචාර්ය අයි.එම් කරුණාතිලක මහතා වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය…

Read More

අල්ලස් ඉල්ලු සුරාබදු නියාමකවරු දෙදෙනාට බරපතළ වැඩසහිත වසර 28ක සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් දෙදෙනෙකුට ලිහිල්ව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු සුරාබදු නියාමකවරු දෙදෙනකුට බරපතළ වැඩසහිත වසර 28ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම් වසර හතකින් ගෙවී යා යුතු බවට නියෝග කළේය.  දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා…

Read More

බොරතෙල් මිල පහළට

ලෝක වෙළදපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.  ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන්ව ඇත්තේ ඩොලර් 64.2 ක් ලෙසයි.  එමෙන්ම, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.72 ලෙස දැක්වෙනවා.

Read More

2025 ලෝක රූ රැජිණ තරගාවලියේ දක්ෂතා වටයේ ජය ඉන්දුනීසියාවට

ගෝලීය සංස්කෘතිය හා කලාත්මක ප්‍රතිභාවන් එළිදක්වන්නට ලැබෙන හොඳ වේදිකාවක් ලෙස ලෝක රූ රැජිණ තරගාවලියේ talent round එක හඳුන්වාදෙන්න පුළුවන්. මෙවර එහි ජයග්‍රහණය දිනාගෙන ඇත්තේ ඉන්දුනීසියානු තරගකාරිය වන Monica Kezia Sembiring විසින්. ඇය එම වටය වෙනුවෙන් ඉදිරිපත් කළ පියානෝ වාදනය විනිසුරුවන්ගේ සිත් රැඳි සුවිගේෂීම අංගය වුණා. මෙහි දෙවන ස්ථානය Miss Cameroon, Issie Princesse විසින් දිනා ඇති…

Read More

ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. එමෙන්ම, ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

Read More

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා අදත් උසාවි එයි

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අයට විරුද්ධව මාතර මහාධිකරණයේ විභාග වන නඩුවට පෙනි සිටිම සඳහා රැදවුම් නියෝග මත රඳවා සිටින ඔහු අද (23) දිනයේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණ සංකීරණයට රැගෙන ආවේය. 2018 වර්ෂයේදි වැලිගම පොලිස් වසමේ දී මනුෂ ඝාතනයක් සිදුකිරීමට තැත්කිරිමේ චෝදනාව මත මෙම නඩුව මාතර මහාධිකරණයේ…

Read More

ලොකු කුඩා කාගෙත් සිත්ගත් නීමෝ අනතුරේ

ලොව පුරා ලොකු කුඩා කාගෙත් සිත්ගත් ‘නීමෝ’ නම් කාටූන් චරිතයට ආදර්ශය වූ ‘Clownfish’ නමැති මත්ස්‍යා ගැන අනුවේදනීය කරුණු රැසක් පරිසර විශේෂඥයන් පිරිසක් අනාවරණය කරගෙන ඇත. නවතම අධ්‍යනයකින් ඔවුන් අනාවරණය කරගෙන ඇති කරුණු අනුව, තැඹිලි සහ සුදු පැහැති මෙම ආකර්ෂනීය මත්ස්‍යයා සාගර උණුසුමට ඔරොත්තුදීම සඳහා ස්වාභාවිකව දිගින් දිගටම කුඩා වෙමින් යන බව අනාවරණය වී තිබේ. ‘Clownfish’මත්ස්‍යයෙකුගේ…

Read More

ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව ඇත. අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව තහවුරු කර සිටියේය. “අපේ සංචාරක ක්ෂේත්‍රය වැටෙන්න කලින් ජර්මානු ඇතුළු යුරෝපා සංචාරකයෝ අපට ආවා. අද ඒක අඩුවෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජර්මානු සංචාරකයන්…

Read More

දුමින්ද දිසානායක අත්අඩංගුවට

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ. තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත. රන් ආලේපිත මෙම ටී 56 වර්ගයේ ගිනිඅවිය පසුගිය අඟහරුවාදා හමුවූ අතර, ඒ සම්බන්ධයෙන් කාන්තාවන්…

Read More

අමෙරිකාව ‘ගෝල්ඩන් ඩෝම්’ එළිදක්වයි

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් ‘ගෝල්ඩන් ඩෝම්’ නැමැති අති නවීන මිසයිල ආරක්ෂක සැලැස්ම එළිදක්වා තිබෙනවා. මෙම සැලැස්ම සඳහා මූලික අරමුදල් ලෙස ඩොලර් බිලියන 25ක් වෙන් කර තිබුණ ද ව්‍යාපෘතිය අවසන් වන විට ඩොලර් බිලියන 175ක් පමණ වැය වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ. සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දි ට්‍රම්ප් ලබා දුන් පොරොන්දුවක් අනුව සිදු කෙරෙන…

Read More
Translate »