රුමේෂ් හෙල්ල විසිකිරීම අවසන් තරගයට

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ඉහළ බලාපොරොත්තුවක් එක් කරමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග (30) සමත් විය. මූලික තරගයට සහභාගි වූ රුමේෂ් තරංග, මීටර 82.84ක දුරක් සටහන් කරමින් එහි ප්‍රථම ස්ථානය දිනාගනිමින් මෙලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත.  මෙම ඉසව්වේ විශේෂත්වය වූයේ ඔලිම්පික් රන් පදක්කම්…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දිනයේ සුළු වශයෙන් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 1.71%%කින් පහළ ගොස් ඇති අතර, එහි මිල අමෙරිකානු ඩොලර් 82.16ක් ලෙස සටහන් වී තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 1.16%කින් අඩුවී ඇති අතර, එහි මිල ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර්…

Read More

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

අද (31) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන…

Read More

ඩෙංගු මරණ 62 දක්වා ඉහළට – රෝගීන් 84,000 පනී

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.  මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ‌‌‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,724 දක්වා ඉහළ ගොස් ඇති බව එම ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන්ය. ඒ අනුව ජූලි මාසයේ ඊයේ (30) දින දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 29,350කි.  වසරේ මේ…

Read More

රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නෑ – ජනපති

රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු සඳහන් කළේ එය සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමග කේන්ද්‍රීයව බැඳී පැවතිය යුතු සංවර්ධනයක් විය යුතු බවය.   ජනාධිපති කාර්යාලයේ පැවති බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේ දී  ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ලොව බොහෝ රටවල් දියුණුව…

Read More

පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්…

Read More

ජපාන භූකම්පනයෙන් මියගිය ගණන 13ක් දක්වා ඉහළට

නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුතුව මෙම භූ කම්පනය ඊයේ (28) හටගෙන තිබුණි.  භූ කම්පනය හේතුවෙන් නිවාස සහ සාප්පු සංකීර්ණ ඇතුළු ගොඩනැඟිලිවල සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.  මේවනවිට අතුරුදන් වී ඇති…

Read More

වලානේ PC කෙනෙක් වෙඩි තියාගෙන

පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පානදුර වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයට අනුයුත්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස මියගොස් ඇති බවය. අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල දී මොහු සිය ටී-56 ගිනිඅවියකින් ‍මෙලෙස වෙඩි තබාගෙන තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා පානදුර මුලික රෝහලට ඇතුළත්…

Read More

ඩෙංගු රෝගීන් 83,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය පැවසුවේ ඒ අනුව මේ දක්වා ඩෙංගු රෝගීන් 83,661 වාර්තා වී ඇති බවය. එමෙන්ම ඩෙංගු රෝගය හමුවේ පුද්ගලයින් 61ක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම ඒකකය සඳහන් කළේය. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන…

Read More

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත…

Read More
Translate »