NEWS

සෞදි ගුවන්තොටුපොළකට හූති මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

යේමනයේ හූති සංවිධානය විසින් සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සෞදි අරාබිය විසින් යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති සංවිධානය සඳහන් කර සිටී. මේ සමඟ සෞදි රාජධානිය සහ ඉරාන…

Read More

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි 06දෙනෙකු මරුට

ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ. එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 14දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසාහී සබ්රා ප්‍රදේශයේ කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත. අදාළ ප්‍රහාර ඊශ්‍රායලය…

Read More

හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් – ඉරානය කියලා

හෝමුස්හිදී වාණිජ නෞකා තුනකට පසුගියදා එල්ලවූ ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බවට, ඉරානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයින්ට පෞද්ගලිකව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. අදාළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ඉරානයට අවස්ථා දෙකකදී දැවැත්ත ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් දේපොළ හානි රැසක් සිදුවිය. කෙසේ නමුත් එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයද…

Read More

උතුරු කොරියානු අගමැති චීන නිල සංචාරය අරඹයි

උතුරු කොරියානු අග්‍රාමාත්‍ය Pak Thae-song මහතා චීනයේ නිල සංචාරයකට එක්ව තිබේ.  උතුරු කොරියානු අග්‍රාමාත්‍යවරයා අද (10) පෙරවරුවේ හෙතෙම විශේෂ ගුවන් යානයකින් ‍චීනයේ බෙයිජිං අගනුවර වෙත පැමිණෙමින් සිය චීන නිල සංචාරය ආරම්භ කළේය.  උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, උතුරු කොරියානු ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ රාජ්‍ය කටයුතු කොමිසමේ උප සභාපති, අගමැති Pak…

Read More

‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්

පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි බැවින් සූදානම් වන ලෙස බලධාරීන් ජනතාවට දන්වා ඇත. චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසා ඇත්තේ කිලෝමීටර 1,000ක් පමණ තරම්…

Read More

පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාර්ජා සිට පකිස්තානයේ කරාචි බලා පියාසර කරමින් තිබූ බෝයිං 737 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මාර්ගෝපදේශන පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගුවන් ගමනාගමන පාලකයන් සමඟ තිබූ සම්බන්ධතාව බිඳ වැටී ඇති බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන් පවසයි. සිද්ධිය…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “ඔපෙක් ප්ලස් (OPEC+) සංවිධානය විසින් එළඹෙන අගෝස්තු මාසය සඳහා වන නිෂ්පාදන ඉලක්ක ඉහළ නැංවීමත් සමඟ මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති බව සඳහන්. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යළිත් සාමාන්‍ය පරිදි තෙල් අපනයනය ආරම්භ වීම…

Read More

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් දින 8කට පසු පුද්ගලයෙකු බේරාගැනේ

වෙනිසියුලාවට ඉකුත් ජුනි 24 බලපෑ දරුණු භූමිකම්පාවෙන් පසු, කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින අටක් (08) තිස්සේ සිරවී සිටි පුද්ගලයෙකු පණපිටින් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ. ටොන් ගණනක් බරැති සුන්බුන් යට මෙම පුද්ගලයා ජීවතුන් අතර සිටින බව සහන කණ්ඩායම් මුලින්ම හඳුනාගෙන ඇති අතර, ඔහුව ආරක්ෂිතව පිටතට ගැනීමට පමණක් පැය 100කට වඩා වැඩි කාලයක් ගතවී ඇත. ගලවාගැනීමේ…

Read More

වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්

වෙනිසියුලාවට බලපෑ ඉතා දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය නිල මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබේ. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අද (02) වන විට හත්වන දිනටත් ක්‍රියාත්මක වන අතර, අතුරුදන් වූවන් සොයාගැනීම සහ අවතැන් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් එර රට නව රජය දැඩි අභියෝගයකට මුහුණ දී සිටී. පසුගිය ජූනි 24 වන දින තත්පර 39ක පරතරයක් ඇතිව…

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සරය අද

වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව චීන ජනපති ෂී ජින් පිං මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ, අද (01) බෙයිජිංහි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය අමතමිනි. එහිදී ඔහු අවධාරණය කර සිටියේ, වසර 105ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය…

Read More
Translate »