NEWS

අද රාත්‍රියේ දී උල්කාපාත වර්ෂාවක්

මේ වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් පවසයි. මෙම උල්කාපාත වර්ෂාව ‘ඔරායනිඩ්’ ලෙස නම් කර ඇත. තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ අලුයම 3.00ත් 5.00ත් අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකි බවය.

Read More

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද විවෘත කෙරේ

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ. පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති මෙම ඒකකය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කිරීමට නියමිතය. 2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහා මෙම නව කොට්ඨාශය පිහිටුවා ඇත. මෙම කොට්ඨාශය මගින් නීති…

Read More

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම එම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන් වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි

Read More

ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මරුට

මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වූ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා අපස්මාර රෝගී තත්ත්වයෙන් ජල ටැංකියට වැටී ඇති බවට දැනට සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.  මුන්දලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

Read More

කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු කළ වැටලීමක දී කුෂ් කිලෝ 09 ග්‍රෑම් 555ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .

Read More

ජනපතිගේ දීපාවලී සුබ පැතුම් පණිවිඩය

දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවක් වන අතර ඒ වෙනුවෙන් සෑම නිවසක්ම එළි කරමින් දැල් වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු වේවායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර ඇත. දීපාවලී උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ මේ වන විට අප අභිමුවේ දැවැන්ත…

Read More

ඉෂාරාට තක්ෂිව හමු වූ හැටි හෙළිවෙයි

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි ඊයේ (19) කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ. ඉෂාරාගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබාදුන් අතර, ඒ අනුව සංජීවගේ ඝාතනයෙන් පසු දින කිහිපයක් සැඟව සිටි බව කියන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා එලෙස රැගෙන ගොස් ඇත….

Read More

රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදු කෙරුණා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් රණවිරු සේවා…

Read More

පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොල, ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා. ඒ අම්පාර බස් නැවතුම්පළේ බස් රථයක සිටියදී වන අතර, ඇය සමඟ සිටි සැකකරුද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සැකකරු අදාල සිසුවිය පැහැර ගැනීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ තුනක් ස්ථාන කිහිපයකදී මාරු වෙමින්…

Read More

රුපියල් 6,000 දීමනාවට තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකෙරේ

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට රුපි‍යල් 6,000ක දීමනාව ලබාදීමේදී ඔවුන් තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ අනුව, එම සහනය ලැබිය යුතු දරුවන් සම්බන්ධයෙන් සොයාබලා ලේඛන සකස් කරන ලෙස විදුහල්පතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට…

Read More
Translate »