T20 ලෝක කුසලානයේ කණ්ඩායම් ඉහළ දැමීමට ICC අවධානය

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අවධානය යොමුව ඇති බව බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පුවත්පතක් වන ‘The Telegraph’ වාර්තා කරයි.

මෙම දීර්ඝකාලීන සැලසුමේ මූලික පියවරක් ලෙස, 2032 වසරේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලියේ සිටම සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 20 සිට 24 දක්වා වැඩි කිරීමට දැනටමත් තීරණය කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ පුළුල් උපායමාර්ගික සැලැස්මක කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇත.

එමෙන්ම දැනට ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින නැඟී එන රටවලට ලෝක මට්ටමේ වේදිකාවක දක්ෂතා දැක්වීමට වැඩි අවස්ථාවක් ලබාදීම තවත් අරමුණක් වේ.

තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ යාම හරහා ගෝලීය ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කරගනිමින්, ICCයේ මූල්‍යමය තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමට ද මෙයින් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැති 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සාර්ථකව නිමාවට පත්වීමත් සමග, ICCය මෙම නව සංශෝධන පිළිබඳ සාකච්ඡා වේගවත් කර ඇති බව The Telegraph පුවත්පත් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »