NEWS

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 17ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෝහලකට සහ අවතැන් කඳවුරු පාසලකට එල්ල කළ ප්‍රහාරවලින් අද දිනයේත් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඔවුන්ගෙන් අට දෙනෙකු ගාසාහි අවතැන් වූ පවුල්වලට නවාතැන් දෙන පාසලක සිටි ළමයින් වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මෙම ප්‍රහාරය පාසල තුළ ඇති අණදෙන මධ්‍යස්ථානයක සිටින හමාස් සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ එකක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »