NEWS

Avishka

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක – ක්‍රීඩිකාව චමරි අතපත්තු

2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ, ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදීයි. එමෙන්ම, මෙහිදී 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවා. පසුගිය වසර පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අගයමින් සංවිධානය කෙරුණු…

Read More

අමෙරිකාව යළි පහර දුන්නොත් ගල්ෆ් කලාපයටම ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් තර්ජන 

තම රට වෙත යළිත් අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව ඉරානය පවසා තිබේ. දෙපාර්ශවය අතර රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර දියත්කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් වශයෙන් ඉරානය මේ බව පවසා ඇති බව සඳහන් වෙයි.  මේ සම්බන්ධයෙන් ගල්ෆ් කලාපයේ…

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතු 10 වැනිදා සිට යළි ඇරඹෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතු එළැඹෙන 10 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ ඒ අනුව එළැඹෙන 10 වන දා සිට විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති…

Read More

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කර තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ, කොත්මලේ බටහිර,  අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ් සහ කොත්මලේ නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද එය බලාත්මකය. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට,…

Read More

පැය 24ක් යන්නත් පෙර බන්ධනාගාර තුනක් නොසන්සුන් වෙයි

ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනම නොසන්සුන්තාවට පත්වීම මේ වනවිට රටේ දැඩි කතාබහකට ලක්ව තිබේ. ඊයේ (06) රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙන් ඇරඹුණු මෙම සිදුවීම් මාලාව පසුව කුරුවිට බන්ධනාගාරය දක්වාත්, අද දිනයේදී මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය දක්වාත් පැතිර ගියේය. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලීසිය,…

Read More

රුමේෂ් ලෝකෙන්ම අංක 1ට

රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 1 ක්‍රීඩකයා බවට පත්වී තිබේ. ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමිනි මෙලෙස ලොව පළමු ස්ථානය දිනාගෙන ඇත. එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත් පළමු ශ්‍රී ලාංකිකයා…

Read More

සජීවි විකාශයක් අතරතුරදී TikTok තරුවක් වෙඩි තබා ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදු කරමින් සිටි ජනප්‍රිය මෙක්සිකානු සාමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකුවන (influencer) සෙසාර් ගාස්ටෙලුම් වෙඩි තබා ඝාතනය කර තිබේ. TikTok වේදිකාව තුළ ලක්ෂයකට අධික අනුගාමිකයන් පිරිසක් සිටි ගාස්ටෙලුම් ප්‍රධාන වශයෙන් ප්‍රහසන (comedy) වීඩියෝ නිර්මාණය කරමින් ජනප්‍රිය වූවෙකි. අවන්හලක් ඉදිරිපිට මිතුරන් දෙදෙනෙකු සමඟ වීඩියෝ ගත කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන්…

Read More

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පළාත් කහිපයක් සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හෙට (07) පෙරවරු 11.30 දක්වා වලංගු වෙයි. ඒ අනුව,දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු – මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

Read More

නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ඉන්දීය යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේ දී අනතුරක

ඩෙල්ෆ්ට් දූපත් අසල ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් පුද්ගලයින් 11දෙනෙකු සමඟ අනතුරට පත්ව තිබේ.  මේ වනවිට අනතුරට පත් යාත්‍රාවේ සිටින පිරිස බේරාගැනීම සඳහා නාවික හමුදා ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඊයේ (05) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව නාවික හමුදාව…

Read More

පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 50ක් රෝහලේ

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් ත්‍රිකුණාමලය පාසලක සිසුන් 50කට අධික පිරිසක් රෝහල්ගත කර තිබේ.  ත්‍රිකුණාමලය දිවුල්වැව මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසීය. පාසලේ ගොඩනැගිල්ලක තිබූ බඹර වදයක් ඇවිස්සීම හේතුවෙන් මෙලෙස සිසුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වෙයි.  අදාළ සිසුන් ප්‍රතිකාර සඳහා මහදිවුල්වැව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ…

Read More
Translate »