අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

අද (31) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.

අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »