මීතොටමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පිටුපස සඟවා තිබූ ගිනිඅවියක් සහ මැගසින් දෙකක් අත්අඩංගුවට තිබෙනවා.
එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පිටුපස නවත්වා තිබූ කන්ටෙනර් රථයක් යට මේවා සඟවා තිබූ බවයි පැවසෙන්නේ.
හදිසි සෝදිසි මෙහෙයුමක් අතරතුරදී නවීන පිස්තෝලයක් සමග මැගසින් දෙකක් මෙසේ අත්ඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බළකාය විසින් බවයි පොලිසිය පවසන්නේ.
කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා සූදානම් කර ඇති ගිනි අවියක් මෙම කන්ටේනර් රථය යට සඟවා ඇති බවට ලද තොරතුරකට අනුවයි ඊයේ (08) පස්වරුවේ එම ස්ථානය පරීක්ෂාවට ලක් කර ඇත්තේ.
එහිදී මෙම ගිනි අවිය පොලිතීන් බෑග් දෙකක් තුළ අසුරා තිබියදී සොයා ගෙන තිබෙනවා.
එහි හිමිකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති බවයි පැවසෙන්නේ.

