NEWS

වෙඩිතබා පලාගොස් සිටි අයෙක් STF වැටලීමකින් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී වෙඩිතබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් මත දමන පොලිස් වසමේ හිගුරාන ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ඉකුත් ජුලි 11වනදා හිරණ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි අයෙක්ය.

ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් තිබි සොයාගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »