NEWS

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ද (22) සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුවද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. 

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි බලාපොරොත්තුවෙන් සිටින ලෙසද ඔවුන් දන්වයි.

තවද සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »