මහනුවර පොලිස් වසමේ සුදුහුම්පොල ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක් සිදුකල සැකකරුවෙකු ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අළෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන මුදල් රුපියල් 130,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණීමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පතර 130ක් හා ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණා.
විදේශිකයින්ට අධික මිල ගණන් යටතේ දුම්රිය ඊ ටිකට් පත් විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් මුල් වරට රටට අනාවරණය කරන ලද්දේ හිරු ප්‍රවෘත්ති හරහායි.
ඊට දුම්රිය දෙපාර්තමේන්තුවේද නිලධාරීන් සම්බන්ධ බවට අප අනාවරණය කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය සේවකයෙකු ඇතුළු කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

