ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් මස 5 වන දින සිදුකිරීමට නියමිතය.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියන් සාගර සුනාමි අභ්‍යාසය යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා මෙය කලාපීය අභ්‍යාසයක් ලෙස සංවිධානය කර ඇත.
ඉන්දියානු සාගර සුනාමි අභ්‍යාසය අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මඟින් ජනිතවන සුනාමි තත්ත්වයකදී එක් එක් ආයතන තම ආයතනවල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳ මේ තුළින් රාජ්‍ය නිලධාරීන්ට පුහුණුවක් ලබාදීමට නියමිතය.

