NEWS

කඳුකර කොටි තර්ජනයට විසදුම් ඉල්ලයි

කදුකර කොටියන්ගේ තර්ජනය හමුවේ හැටන් වැවිලි සමාගම යටතේ පාලනය වන වටවල ෂැනන් වතුයායේ ජනතාවගේ දෛනික පීවිතයට දැඩි අවධානමක් මතුව තිබෙනවා.

එහි වතු අධිකාරිවරයා සහ වතු කම්කරුවන් සදහන් කළේ, එම කදුකර කොටියන් පසුගිය සතිය තුල සුනඛයින් දස දෙනෙකු පමණ ගොදුරු කරගෙන ඇති බවයි.

තේ කර්මාන්ත ශාලාව වෙත පැමිණිමේදි වතු කම්කරුවන් කදුකර කොටියන්ගේ තර්ජනයට මුහුණදී දිවි ගලවා ගත් අවස්ථා පවතින බවයි වතු කම්කරුවන් පවසන්නේ.

ඒ අනුව, මෙම කඳුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට පියවර ගන්නා ලෙස වතු කම්කරුවන් සහ අධිකාරිවරයා වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »