ග්‍රීක බැදුම්කර නඩුවට අදාලව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු 5 දෙනෙකුට ලබන මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කළා.
අල්ලස් කොමිසම මෙම නඩුව පවර ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී ග්‍රීක රාජ්‍ය නිකුත් කල භාණ්ඩාගාර බැදුම්කර මිලදී ගැනීමට ගොස් රුපියල් කෝටි 184 ක පාඩුවක් රජයට සිදුකලේ යැයි චෝදනා කරමින්.

