NEWS

කොළඹ වරාය ආසන්න මුහුදේ පුද්ගල මළසිරුරක්

කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය ආසන්නයේ මුහුදේ පුද්ගල මළසිරුරක් ඇති බවට ලද තොරතුරක් මත කොළඹ වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. 

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැත.

මරණකරු උස, අඩි 05ක් පමණ වන පුද්ගලයෙකි. කොණ්ඩය මදක් වැවී ඇත. මෘතශරීරය නරක්වී හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇති අතර නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටි බවද පොලීසිය පවසයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »