ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු එම ඝාතනය සිදුකළ වෙඩික්කරු බවටම ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (06) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුගේ ඇඟිලි සලකුණු සහ ගිනි අවියේ තිබූ ඇගිලි සලකුණු සැසදෙනවාද යන්නයි.
එයට පිළිතුරු වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ, ඔහු ගමන් කළ ආකාරය, ඔහුගේ ජංගම දුරකථනය, මුහුණු හඳුනා ගැනීම් සහ විද්‍යාත්මක සාක්ෂි අනුව වෙඩි තැබීම සිදුකරන ලද්දේ මෙම පුද්ගලයාම බව අනාවරණය කරගෙන ඇති බවයි.

