NEWS

චීනයේ බලපෑම් නිශ්ඵල බව තායිවානය කියයි

තායිවානය දෙසට තම ප්‍රවේශය චීනය විසින් නැවත සලකා බැලිය යුතු බව තායිවාන ජනාධිපති විලියම් ලායි පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ, වසර ගණනාවක් තිස්සේ චීනයෙන් තා‍යිවානය වෙත එල්ල වන හමුදා හා දේශපාලන පීඩනය ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මැදිහත්වීම ශක්තිමත් කිරීමට පමණක් හේතුවී ඇති බවයි. 

එය අවසානයේ චීනයේ අවශ්‍යතාවලට පටහැනි විය හැකි බව ද ඔහු පවසනවා. 

එමෙන්ම තායිවාන ජනාධිපති විලියම් ලායි පෙන්වා දෙන්නේ චීනයේ පීඩනය තායිවාන දුර්වල කිරීමට අපොහොසත් බවයි. 

ඒ වෙනුවට තායිවානයට හිමිවන ජාත්‍යන්තර සහයෝගය තවත් ශක්තිමත් වූ බව ද පවසන ලායි වැඩිදුරටත් සඳහන් කරන්නේ, තායිවානය හුදෙකලා කිරීම වෙනුවට දැන් සිදුව ඇත්තේ චීනයට ජාත්‍යන්තරයෙන් එල්ල වන විරෝධය ඉහළ යාම බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »