නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මැයි 24- 28 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.
තම සංචාරය අතරතුර, පීටර්ස්, ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය, හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡා පවත්වනු ඇති.
වෙළඳාම, ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක ව්‍යාපාරය සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සාකච්ඡාවල අරමුණයි.
නියෝජ්‍ය අගමැති පීටර්ස් සමඟ නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු ද මෙම සංචාරය සඳහා සහභාගි වනවා.
ඔහු සිය සංචාරය අතරතුර විවිධ පෞද්ගලික අංශයේ ආයතන සහ මාධ්‍ය ආයතන සමඟද සාකච්ඡා සඳහා සම්බන්ධ වීමට නියමිතයි.

