ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදියේ පසුගියදා සිදුවු වෙඩිතැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ අනුව දුරකතන සබඳතා ඔස්සේ ලුහුබැඳ ගොස් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
ඔහු සතුව තිබී ජංගම දුරකතන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
නාගලගම්වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තුවාල සිදුකර තිබුණේ පසුගිය 17 වනදායි.
එමෙන්ම මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තුන්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගනු ලැබුවා.

